Breaking

රෝසිත් එක්ක නගරාධිපති සටනට පොහොට්ටුවෙන් එන අපූරු තරුණයා, මිලින්ද රාජපක්ෂ කවුද?

රෝසිත් එක්ක මහ ඇමති පුටුවට තරඟ වදිනවයි කියලා, මිලින්ද රාජපක්ෂ කියලා කෙනෙක් ගැන රාවයක් යනවා.. ඇත්තටම ඔහු කවුද? අපි ඔහුව හොයාගෙන ගියා…
කවුද මේ මිලින්ද රාජපක්ෂ.. මොකක්ද මිලින්දගේ අතීතය..
මම ඉපදෙන්නෙ කුරුණෑගල.. අධ්‍යාපනය ලබන්නෙ කුරුණෑගල මලියදෙව විද්‍යාලයෙන්.. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සෙ වැඩිදුර අධ්‍යාපනයට ඇමෙරිකාවට යනවා.. එහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට එකතුවීමේ අවස්තාව ලැබෙනවා.. ඒ හරහා ලෝක තරුණ ප්‍රජාවට අති විශාල සේවාවක් කරන්න අවස්ථාව ලැබෙනවා… මීට වසර දහයක පමණ ඉදන් ශ්‍රී ලංකා දේශපාලන භූමිකාව තුල සැලකිය යුතු දේශපාලනික මෙහෙවරක් කරන්න තිරයෙන් පිටුපස සිට දායක වෙනවා… මෙය තමයි සාරංශය ඔබ අහපු ප්‍රශ්නෙට පිළිතුර වෙන්නේ….

දේශපාලන ප්‍රවිශ්ඨයට ඔබේ කැපකිරීම කොහොමද?
මොනවා කලත් නොකලත් දේශපාලනේ කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. මම ශිෂ්‍යත්වේ පාස් වෙච්ච දවසේ ඉදන් කැම්පස් එක දක්වාම ආණ්ඩුවේ සල්ලිවලින් ඉගෙන ගත්තා. ඇමරිකාවේ ගිහින් උසස් අධ්‍යාපනය ලැබුවෙත් ශිෂ්‍යත්වයකින්. ඊට පස්සේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙයි, තව ජාත්‍යන්තර ආයතන කිහිපයකයි වැඩකලා. පහුගිය ආණ්ඩුවේ ජාතික තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක විදියට ලෝක තරුණ සමුළුවේත් සම සභාපතිත්වය දැරුව. දැන්නම් වෘත්තියමය වශයෙන් ලොකු සමාගම් ගණනාවකට ‘සන්නිවේදන උපක්‍රම’ හදනවා. ලෝකයේ රටවල් 40 ට වඩා ප්‍රමාණයක ඇවිදලා තරුණ තරුණියන් දසදහස් ගණනක් එක්ක වැඩ කරලා තියෙනවා. දකුණු ආසියානු තරුණ ජාලයයි, නැගෙනහිර ආසියානු තරුණ ජාලයයි දෙකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උදව්වෙන් හැදුවේ මම. ඒ සේරම වටිනා අත්දැකීම්. ඒ සේරම අස්සේ කැම්පස් යන කාලෙ ඉදන්ම දේශපාලනය කළා.
මේ රේස් එක මිලින්දට දැනෙන්නෙ කොහොමද?
ගමේ දිව්වත් ඇතන්ස් වල දිව්වත් මැරතන් එක මැරතන්මයි. ගමේ දුවල, විනයක් ඇතිව පුහුණු වෙලා, ශරීර සෞඛ්‍ය හදාගන්නෙ නැතුව එකපාර ඔලිම්පික් දුවන හාදයො හින්ද තමයි මේ රට තාමත් ‘දියුණු වෙමින් පවතින’ රටක් වෙලා තියෙන්නෙ.
තරුණයින්ගේ වචනෙන්ම කිව්වොත්, ඡන්දෙ පැරදුනොත් “චාටර්” නේද?
දේශපාලනේදී වැදගත් වෙන්නේ ‘චන්දයක්’ දිනන පරදිනවට වඩා දේශපාලනික අදහස සහ වැඩ පිළිවෙල දිනනවද නැත්ද කියන එක. අන්තිම ප්‍රතිපලය වගේම පොලිටිකල් ප්‍රොසෙස් එකත් වැදගත්. පෙබරවාරි 10 වෙනිදා වගේම මේ සති කීපයත් වැදගත්. ඒ නිසා අපි අද ගොඩනගන දේශපාලන විසංවාදය මිනිස්සු පිළිගත්තොත් පෙබරවාරි 10න් පස්සේ ‘චාටර්’ නොවී ඉන්න පුළුවන්.
මේ ආණ්ඩුවේ ජාත්‍යාන්තර ජයග්‍රහණත් එක්ක, ජාත්‍යාන්තරයත් එක්ක ගණුදෙනු කල මිලින්ද ජයග්‍රහණය කරන්නෙ කොහොමද?
දැන් අපි රුසියාව දිනලද? වරාය වික්කම චීනෙ දිනාගන්න පුලුවන්ද?අපිට එරෙහිව ගහපු මානව හිමිකම් පෙත්සම ඇමරිකාවත් එක්ක සම අනුග්‍රාහකයා බවට පත්වුනාම ජාත්‍යන්තරේ දිනුම්ද? මමත් ලෝකේ ඉන්න විවිද සංවිධාන එක්ක වැඩකරලා තියෙනවා. ජාත්‍යන්ත්රේ දිනනවා කියන්නේ ලෝකයා කියන එකට හා කියන එක නෙමෙයි, රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේ ලෝකයාට තෙරුම්කරලා දීල රටට හරිදේ කරන එකට. මහින්ද තමයි රට අසීරුම අවස්තාවක ඉද්දි රාජ්‍යතාන්ත්‍රික කටයුතු කලේ. එහෙම නොකලානම් අපි ඉරාකයක් හරි සිරියාවක් හරි වෙලා.
මොනාද මිලින්දගෙ මැතිවරණ පොරොන්දු
‘අපේ කොළඹ’ කොළඹ කියන්නෙ අපි ජීවත්වෙන, අපි රස්සාව කරන, අපි විනෝදාස්වාදය තියෙන, අපේ දරුවො ලොකුමහත්වෙන නගරය. ඒ වෙනුවෙන් අපිට යුතුකමක් තියෙනවා. ඒක තනියමම ඉෂ්ට කරන්න බෑ. මේ විදියට හිතන අනිත් මිනිස්සුත් එක්ක එකතුවෙලා කලයුතු ප්‍රොජෙක්ට් එකක්. මේ ආරම්භය.
කොළඹ ජයග්‍රහණය වෙනුවෙන් මිලින්දගේ සැලසුම් මොනාද?
කොලබදී විතරක් නෙමෙයි මුළු රටපුරාම එජාපයේ අදුරදර්ශී ආර්ථික වැඩපිලිවෙලටත්, දිනෙන් දින බිද වැටෙන ජාත්‍යන්තර සබදතා වලටත්, රාජ්‍ය දේපල විකුණන වැඩසටහනටත්, දේශපාලනික පලිගැනීම් වලටත්, පාතාලයට නැගිටින්න ඉඩ දීමත් වගේම ඉතිහාසයේ දැවැන්තම මහ බැංකු මංකොල්ලයටත් ‘ඇටැක්’ එකක් ඇවිත් තියෙනවා. එකයි හවුල් ආණ්ඩුවේ ශ්‍රී ලංකා එක වෙනමයි, ටී එන් ඒ එක වෙනමයි, මුස්ලිම් පක්ෂ වෙනමයි චන්දෙ ඉල්ලන්නෙ. කොළබ අමුතුවෙන් ඇටැක් කරන්න දෙයක් නෑ ආණ්ඩුවේ හදවතටම ඇටැක් එක ඇවිත් තියෙන්නෙ.
කොළඹ හදන්න මුලින්ම හඳුනා ගත්ත ප්‍රශ්න 5 මොනවද?
1. මහනගර සභාව විනිවිදභාවයකින් යුතු, මිනිස්සුන්ට වගකියන ආයතනයක් (Transparency Institute) බවට පත්කිරීම. මේ තුලින් අපට පුළුවන් ව්‍යාපාරිකයන්ට පමණක් හිමිවෙලා තියෙන කොළඹ නගර සභාව මහ ජනතාවගේ ආයතනයක් බවට පත් කරන්න පුළුවන්.
2. ස්වභාවික ආපදා වලට මුහුණදීම සදහා තිරසාර වැඩපිළිවෙලක් සකස්කිරීම. එදිනෙදාට විවිධ විසඳුම් නොව, දීර්ඝ කාලීන විසඳුම් තුලින් ස්ථාවර ආපදා කළමණාකරනයක් කොළඹ මහ නගර සභාවට දායාද කිරීම.
3. කොලබ නගරය පුනර්ජනනීය බලශක්තියෙන් ස්වයංපෝෂිත කිරීම
කුණු, අපද්‍රව්‍ය බැහැරකිරීම සහ කළමනාකරණයට ප්‍රජා මුලික වැඩපිළිවෙලක් කිරීම
4. ආර්ථිකව ස්වයංපෝෂිතවන කොළබ ප්‍රතිලාබ මිනිස්සුන්ට ලැබෙන තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීම
5. කොළඹ කියන්නේ සියළු ආගම්, ජාති, කුල, පක්ෂ නියෝජනය කරමින් ජනතාව ජීවත්වෙන රටේ ආර්ථිකමය, සමාජමය මර්මස්ථානය. ඔවුන් වෙනුවෙන් සැබෑ සංහිඳියාවක් නිර්මාණය කරමින් භේද අවම සමාජ වටපිටාවක් ඔවුන් වෙනුවෙන් නිර්මාණය කිරීම.
කෙලින් මිනිහෙක් කියලා ආව සන්නස්ගල පැරදුනා. කොළඹ නගර සභාවෙන් සන්ධානෙට කියලා ආව වාසුත් පැරදුනා…මිලින්ද?
මිනිස්සු පැරදුනාට කමක් නෑ දේශපාලන වැඩපිළිවල දිනනවානම්. මිනිස්සු දැවැන්ත විප්ලව කලේ, වෙඩි කෑවේ ඒ මිනිස්සු දිනන්න නෙමෙයි, වැඩපිළිවෙල දිනවන්න. මිලින්ද කියන්නෙ මේ වෙලාවේ සමාජය ඉල්ලන අලුත් දේශපාලනික වැඩපිළිවෙලේ තාවකාලික මුහුණක් විතරයි.
අපි දන්න විදිහට මිලින්ද එන්නෙ ලැයිස්තුවෙන්.. ඇයි ඡන්දෙ ඉල්ලන්න බයද?
ගොඩාක් දෙනෙක් අහන ප්‍රශ්ණයක්. නමුත් අපි ඉතාම සමබර කණ්ඩායමක්.. මැතිවරණයකට ඉදිරිපත් වෙන්න ඉන්න සුදුසුම කණ්ඩායම. ඒ වෙලාවෙදි “මම” කියන චරිතය එන්නෙ ලැයිස්තුවෙන්ද ඡන්දෙන්ද කියන එක නෙවෙයි වැදගත්… සමස්ථයක් විදිහට සාමූහිකව මේ අරමුණ ජය ගන්නෙ කොහොමද කියන කරුණයි. ඒ වෙනුවෙන් මම ඡන්දය ඉල්ලන්න අවශ්‍යනම් ඒ අභියෝගය භාරගන්නත් මම පැකිලෙන්නේ නැහැ. නමුත් මේ වෙලාවෙ මම අපේ සාමූහික වගකීමට යටත්…
කොළඹ නගර සභාව පොහොට්ටුව දිනයිද?
ඉතාම සාර්ථකව අපි ඒ අභියෝගයට මුහුණ දෙන්න සූදානම්…



No comments:

Powered by Blogger.