Breaking

ජනපති මෛත්‍රීගේ ධූර කාළයේ දවස් 1098ක් ඉවරයි. තව ඇත්තේ දවස් 696 යි - කැෆේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මීලග පියවර අධිකරණ, නීති හා සාමය අමාත්‍යාංශ හෝ නීතිපති දෙපාර්තමේන්තුව පවරා ගැනීම වුවහොත් අප පුදුම විය යුතු නැතැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.
රාජගිරියේ පැවති රැස්වීමක් අමතමින් සිය අදහස් පළ කළ තෙන්නකෝන් මහතා, ප්‍ර‍කාශ කළේ ‘‘තම ධූර කාලය අවසන්වන දිනය වෙන කාටත් වඩා හොදින් දන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාමයි‘‘. 2015 ජනවාරි 9 දින සිය ධූර කාලය ඇරඹූ ඔහු 2018 ජනවාරි 11 ට එම තනතුර දවස් 1098 ක් තියෙනවා. ජනාධිපති මැතිවරණයක් සදහා තවත් ඉතිරිව ඇති උපරිම දින ගණන 696 කි. ව්‍යවස්ථාවට අනුව ජනාධිපති ධූරක කාලය වසර යි. 
හැබැයි ඊට මාසයකට පෙර එනම්, 2019 දෙසැම්බර් 8 ට පෙර ජනාධිපතිවරණය පැවැත්විය යුතුය. උත්තරේ දන්නා ප්‍ර‍ශ්න අහන්නේ ඉදිරි දේශපාලන තීරණය යුක්ති යුක්ත කරන්නයි. ජනාධිපතිවරයා බලයට ආවේ හොරු අල්ලන්නයි. දැන් මේ ආණ්ඩුවේ තිස් දෙනෙක් විතර ‘පිට්පොකට් කාරයෝ‘ ලෙස හැසිරෙනවා කියලා ජනාධිපතිවරයාම කියනවා. ජනවාරි 15 දාට ජනාධිපතිවරයාට කියන්න කථා දෙකක් ඉතිරිවෙනවා. පළවෙනි කථාව තමයි ‘‘මගේ අවුරුදු 5 න් 3 ක් ඉවරයි. මම ඉතිරි අවුරුදු දෙකේ පොරොන්දු ඉටු කරනවා. 
ඒකට පොලීසිය, අධිකරණ අමාත්‍යාංශ මගේ යටතට ගන්නවා.‘‘එහෙම නැත්තම් ජනාධිපතිවරයා දෙවැනි කථාව මෙහෙම කියන්න ඉඩක් ලැබෙනවා. ‘‘මගේ අවුරුදු 6 න් 3 ක් ඉවරයි. ඉදිරි අවුරුදු 3 ටත් මම ජනාධිපති. මම පොලීසිය, අධිකරණ අමාත්‍යාංශය අරගෙන මගේ පොරොන්දු ඉටු කරනවා.‘‘ 2015 පාර්ලිමේන්තු මැතිවරණයට පැය කිහිපයකට පෙර තමන්ගේ පක්ෂයේත්, සන්ධානයේත් මහ ලේකම්වරු ඉවත් කළ අලුත් ලේකම්වරු පත් කළ ජනාධිපතිවරයාට අමාත්‍යාංශ පවරා ගැනීම සුළු දෙයක්. 
මේ රටේ ජනතා පැතුම වංචා දුෂණවලට සම්බන්ධ පුද්ගයින්ට දඩුවම් කිරීම හා ඒ මුදල් නැවත ජනතාව අතට පත් කිරීමයි. ජනාධිපතිවරයාගේ පැවැත්ම තියෙන්නේ ඒ පොරොන්දුව ඉටු කිරීම මත පමණයි. තම ධූර කාලයෙන් දින 1098 ක් ඉටු කිරීමට අසමත් වූ පොරොන්දු ඉතිරිවෙලා තියෙන දින 696 න් ඉටු කිරීමට හැර ජනාධිපතිවරයාට වෙන විකල්පයක් නෑ.
එහෙම කළොත් ජනාධිපතිවරයා පිටකොටුවේ හොරා ඇතහැරලා ‘අහිංසක පර්ස් අයිතිකාරයා පස්සේ පන්නපු විහිළුකාරයෙකු බව පත්වේවි.“ යැයිද කීර්ති තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Powered by Blogger.