Breaking

මහබැංකුවේ 2008 ඉදලා හොරකම් වෙනවා කියලා කොමිසමටත් ඉස්සල්ලා මම හොයා ගත්තා

ජනාධිපතිවරයා කිසිවිටෙකත් බැදුම්කර ගණුදෙණුව සම්බන්ධ පරීක්ෂණ යට ගැසීමට කටයුතු නොකරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර පවසනවා.

අගුණුකොල පැලැස්ස ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

“බැදුම්කර වංචාව මේ රටේ මහ බැංකුවෙ පැවති පළවෙනි වංචාව නෙමෙයි. වාර්තාව කියන්නෙත් 2008 වසරේ ඉදලා මේ හොරකම සිද්ධ වුණා කියලානේ. මම මේක හොයා ගත්තා හොයා අරගෙන අල්ලස් කොමිසමට පැමිණිලි කළා අනිත් අය මේක අරගෙන කෑ ගහගෙන ගියා.මම ඉතාම පැහැදිළිව කියනවා ජනාධිපතිවරයා මේ කිසිම දෙයක් යට ගහන්නේ නෑ කියලා. මේ හැම දේටම දඩුවම් අරගෙන දෙනවා. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳව විවාද කරලා වැඩක් නෑ. ඒකෙන් නඩුවට අවාසියක් වෙන්නත් පුළුවන්. අවශ්‍ය වන්නේ නීතිමය ක්‍රියාමාර්ග ගන්න විතරයි. ඒක පාර්ලිමේන්තුවට හෙලි දරව් කිරීම ඉදිරියේදි සිද්ධ වෙනවා.”

“හැමෝම කියන්නේ ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්න නිසා තමයි මේහොරකම් අහුවෙන්නේ. ඔබතුමාලා ආණ්ඩුවේ ඉන්න නිසා තමයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා වෙලා තියෙන්නේ. ඔබතුමාලා ඉන්න නිසා තමයි අද UNP එකේ අය උනත් අද හොරකම් කරන්න යන එක නවත්වන්න පුලුවන් වෙලා තියෙන්නේ කියන අද ජනතාව තේරුම් අරගෙන තියෙන්නේ. බැදුම්කර වංචාවේ ඇති වෙලා තියන හොරකම් ගැන විමර්ශනය කරනවා විතරක් නෙමෙයි. ඒ හොරකම් කරපු මුදලත් නැවත අයකර ගන්න කටයුතු කරනවා කියන එක මම කියන්න කැමතියි,” අමාත්‍යවරයා පවසා සිටියා.

No comments:

Powered by Blogger.