Breaking

ජන්දේ දෙන්නේ කල්පනාවෙන් - පුංචි ජන්ද අපේක්ෂකයින් බහුතරය අපරාධකරුවන්

මෙවර මැතිවරණය සඳහා විවිධ අපරාධකරුවන් හා ස්ත්‍රී දූෂකයින් විශාල ප්‍රමාණයකට නාම යෝජනා හිමි වී ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි.

පසුගියදා (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

මෙවර මැතිවරණයේ දී  සිද්ධි 243 ක් වාර්තා වී ඇති අතර ඉන් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 287 ක් වාර්තා වී ඇති බව ද ඔහු සඳහන් කළේය. මේ අතර වැඩිම සංඛ්‍යාවක් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම වාර්තා වෙන්නේ දේශපාලන අරමුණු ඇතුව සංග්‍රහ කිරීම හා නීති විරෝධි ප්‍රචාරණ ක්‍රම යන ආකාරයන්ගෙන් බව ද සඳහන් කළ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමසාරිස් හා ශ්‍රි ලංකා පොලිසීය ඉතා විශාල මෙහෙවරක් මෙම තත්ත්වය අවම කර ගැනීමට මෙවර කටයුතු යොදන බව දක්නට ලැබෙන බව ද පැවසීය.

එමෙන්ම ඡන්ද දායකයාට මානසික අල්ලස් ලබා දීම විවිධත්වයෙන් යුතුව සිදු කිරීම මෙවර විශේෂත්වයක් වන බවත් එය ඡන්ද දායකයාට කරන නිග්‍රහයක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. කෙසේ වෙතත් මැතිවරණ අපේක්ෂකයින් මැතිවරණ කොමසාරිස්ට රටේ නීතියට උඩින් ඉන්න හදනවා නම් ඔවුන් බලයට පැමිණීමෙන් කිසිදු වැඩක්  ඉටු කර නොහැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම මහජන නියෝජිතයින් ලෙස පත්වන  කිසිදු අයෙකුට රජය සමඟ හෝ රජයේ ආයතනයක් සමඟ නිල ගනුදෙනුවක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් එවැනි අයට පළාත් පාලන මැතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බව ද හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය. ගමේ දී තෝරා ගන්නා පුද්ගලයා පිළිබඳ විශාල ලෙස අවධානය යොමු කරන ලෙස  ද ඔවුන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි. 

සිද්ධීන්ට අදාළව මැතිවරණ හා අනෙකුත් නීති උල්ලංඝනය කිරීම වෙනුවෙන් දීප ව්‍යාප්ත සමීක්ෂණ වාර්තාව හා පැෆරල් සංවිධානයේ පළමු මැතිවරණය පහතින් අමුණා තිබේ.




No comments:

Powered by Blogger.