Breaking

බැදුම්කරේ ගැන එජාප ඉල්ලීමට මැ.කො. පයින් ගහයි..

එක්සත් ජාතික පක්‍ෂයට මැතිවරණ සමයේ අවාසි වන නිසා මහ බැංකු බැදුම්කර වාර්තාව ගැන අදහස් පල කිරීම නවත්වා දමන ලෙස එජාපය විසින් මැතිවරණ කොමිෂන් සභාවෙන් කරන ලද ඉල්ලීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

මැතිවරණ කොමිසම අදාල පැමිණිල්ල ගැන සලකා බලමින් තීරණය කර ඇත්තේ අදාල කටයුත්ත ගැන තීරණයක් ගැනීමට කොමිසමට හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් බැදුම්කර වාර්තාව ගැන එජාපයට අගතියක් වන ලෙස කිසියම් මාධ්‍ය ආයතනයක් කටයුතු කරන්නේ නම් ඊට පිලිතුරු දීමටද එජාපයට කාලය ලබා දෙන්නැයි එම මාධ්‍ය ආයතන වෙත දැන්වීමට කොමිසම තීරණය කර ඇත.

හිතාමතාම තම පක්‍ෂයට අගතියක් වන ලෙස ඇතැම් මාධ්‍ය ආයතන විසින් බැදුම්කර වාර්තාව ගැන ප‍්‍රචාරය කරන බවත් එය මැතිවරණ නීතියට බටහැනි බවත් එජාප පිරිස විසින් මැතිවරණ කොමිසමට පැමිණිලි කර තිබින.

No comments:

Powered by Blogger.