Breaking

ඒකාබද්දයේ සිටින ශ‍්‍රීලනිප මන්ත‍්‍රිවරුන් පහක් නෙරපයි…

ඒකාබද්ධ විපක්‍ෂයේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් පස් දෙනෙකුගේ ශ‍්‍රීලනිප සාමාජිකත්වය අත්හිටුවීමට සූදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂය තුල ක‍්‍රියාකාරීව කටයුතු කරමින් සිටින මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකුගේ සාමාජිකත්වයන් මෙසේ අත්හිටුවීමට සූදානමක් ඇති බව කී ඔහු මෙමගින් ශ‍්‍රීලනිප නායකත්වය බලාපෙරොත්තු වන්නේ ඒකාබද්දයේ සෙසු මන්ත්‍රිවරුන්ගේද සාමාජිකත්වය අහිමි කරන බවට පණිවුඩයක් දීම යයිද ඔහු කීය.


එමෙන්ම ඒකාබද්ධයට සහාය පල කරන මන්ත්‍රිවරුන්ගේ සාමාජිකත්වය අහෝසි වන නිසා පොහොට්ටුවට ඡන්දය දී කිසි ඵලක් නැති බවට ජනතාව තුල අදහසක් ඇති කිරීමද මෙහි යටි අරමුණක් යයිද ඔහු පෙන්වා දෙයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කලේය.

No comments:

Powered by Blogger.