Breaking

වැලේ තියන රෙද්ද හරි හොරකම් කරයි කියලා ගමේ එජාපයේ අය ගෙදෙට්ටවත් වැද්ද ගන්නේ නෑ!

බැදුම්කර ගණුදෙණුවට සම්බන්ධව සියළු පාර්ශවයන්ට දඩුවම් ලබා දෙන තුරු ඒකාබද්ධ විපක්ෂය සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල පවසනවා.

මන්ත්‍රිවරයා මේ පිළිබඳව පවසා සිටියේ කඩුවෙල ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රිවරයා මේ පිළිබඳව පවසා සිටියා.

“අද ආණ්ඩුව හදන්නේ රවී කරුණානායකටයි අර්ජුන් මහේන්ද්‍රන් ටයි දඩුවම් කරලා තෝරු මෝරු ටික බේර ගන්න. හැබැයි අද මුළු එජාපයම හොරු බව ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මේ අලි හොරාටයි හොරු 40යි දඩුවම් කිරීම කරලා මේ අය හැමෝම කුදලාගෙන ඇවිත් කූඩුවේ දාන තුරු බැදුම්කර සටන අපි නතර කරන්නේ නෑ කියන ප්‍රතිඥාව අපි ජනතාවට ලබා දෙනවා. 

තමුන්නාන්සේලා මාස 10 ක් මෙගා ටෙලි නාට්‍යයක් බලනවා වගේ මේ කොමිසමේ සිද්ධ වෙන දේවල් හැමදාම රෑට ටීවී එකේ ප්‍රවෘත්ති වලට දැක්කා. මේවා රට දැක්ක නිසා මේ වාර්තාව බොරුවක් කියන්න රවි කරුණානායක ඇමතිතුමාට හැකියාවක් නෑ.”

“ආත්ම ගෞරුත්වය තියන එක්සත් ජාතික පාක්ෂිකයෙකුට අද පාරේ බැහැලා යන්න බෑ. එක්සත් ජාතික පාක්ෂිකයෝ පාර දිගේ එනවා දැක්කාම ගෙවල් වල ඉන්න පුංචි පුතාලා කෑ ගහලා කියනවා බුදු අම්මෝ හොරු එනවෝ…! අම්මා දුවගෙන ඇවිල්ලා වැලේ තියන රෙදි ගාවින් හිට ගන්නවා. එන එකෙක් වැලේ තියන රෙද්දක්වත් උස්සන් ගියොත්…..”මන්ත්‍රීවරයා මෙහිදි පවසා සිටියා.

No comments:

Powered by Blogger.