Breaking

රට අපායටත් අන්තයි…….! – සූර් උනාම ඒක පේන්නේ නෑනේ….ඒකයි ප්ලෑන් එක

අද වන විට ලංකාව අපායටත් වඩා අන්ත තත්ත්වයට පත් වී ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන පවසනවා. අද(12) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

මහින්ද රාජපක්ෂ විසින් 2015 ජනවාරි මසයට පෙර හාල් කිලෝවක් රුපියල් 55ට ලබා දෙන විට  කුස්සිය ගොස් තුළට ගොස් එම මිල ගණන් විවේචනය කළ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේ හාල් කිලෝවක් රුපියල් 110 කට මිලදි ගැනීමට ජනතාවට සිදු වී ඇති බවයි මන්ත්‍රිවරයා මේ බව සඳහන් කළේ.

ආර්ථිකයේ මෙවැනි බිඳ වැටීමක් තිබෙන මොහොතක ලංකාවේ ඇති ලොකුම ගැටළුව තැබැරුම් ඇර තිබෙන වේලාවන් සංශෝධනය කිරීම වන බවත් ජනතාව වැඩි වශයෙන් මත්පැන් පානය කර සිටිම නිසා රටේ ඇති බොහෝමයක් ගැටළු පිළිබඳ උනන්දුවක් නොමැති වීම ආණ්ඩුවට වැඩකටයුතු සිදු කිරීමට පහසු බවත් ඔහු පෙන්වා දුන්නා.

Rohitha Abeygunawardena

No comments:

Powered by Blogger.