Breaking

පොහොර නැවක් එන බේගල් කියා මගේ රෙද්ද ගැලවුනා..- දයාසිරි

පොහොර ප‍්‍රශ්නයට උත්තර දෙන්න ගිහින් මගේ රෙද්දත් ගැලවුණා යයි සම කැබිනට් ප‍්‍රකාශක ක‍්‍රිඩා ඇමති දයාසිරි ජයසේකර මහතා සදහන් කර ඇත.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ පොහොර ප‍්‍රශ්නය සම්බන්දයෙන් කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්චාවේදීය.


පොහොර නැවක් එදිනම එන්නේ යයි තමන් මාධ්‍ය හමුවේ කියා සිටියේ ගිය සතියේදී කැබිනට් මණ්ඩලයේ කල දැනුම් දීම අනුව බවත් නමුත් පොහොර අවේ නැති නිසා සිදු වූයේ තමනගේ රෙද්ද ගැලවීම පමණක් යයිද ඔහු සදහන් කර ඇත.

ගිය සතියේ පොහොර නැවක් එන බව කීවද එදින පොහොර නැවක් ආවේ නැතැයිද ඔහු පෙන්වා දී තිබේ.

No comments:

Powered by Blogger.