Breaking

පළාත් පාලන මැතිවරණය ගැන ෆේස්බුක් මත විමසුම ගැන විශ්ලේෂණයක් – UPFA – A Brighter Future



ෆේස්බුක් තුල ශ්‍රී ලංකික ජනගහනය මේ වන විට මිලියන 6ක් පමණ වේ. ෆේක් profile ප්‍රමාණය අඩුම තරමේ ඉන් 15% වත් වන බව මගේ අනුමානයයි. නමුත් ෆේස් බුක් තුල විවිධ ජන කොටස් වල නියෝජනය සැබෑ සමජයේ ඒ ඒ ජනකොටස් වල නියෝජනයට වඩා වෙනස්. 

උදාහරණයන් ලෙස,


– ප්‍රතිශත ලෙස ගත් විට ෆේස්බුක් තුල කාන්තා නියෝජනය ලංකාවේ සිටින කාන්තා ප්‍රතිශතයට වඩා අඩුයි.
– ඒ වගේම සමාජයේ සිටින වයස අවුරුදු 45 ට වැඩි ජනතා නියෝජනයද ෆේස්බුක් තුල ඉතා අඩු ප්‍රමානයක් ප්‍රමාණයක් වේ.
– ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිටින විදේශගත ශ්‍රී ලාංකිකයින් ප්‍රමාණයය ෆේස්බුක් තුල වැඩියි.
– ෆේස්බුක් තුල තරුණ නියෝජනය ගත්තත් සමාජය තුල තරුණයන්ගේ ව්‍යාප්තියට වඩා වෙනස්. එනම් ෆේස්බුක් තුල නාගරික සහ උසස් අධ්‍යාපනය සහ උසස් වෘතිකයින්ගේ නියෝජනය වැඩියි.
– ඒ වගේම ෆේස්බුක් තුල සිටින අති බහුතරයක් දේශපාලනය තුල වැඩි උනන්දුවක් නැත.
මේ වෙනස්කම් පිළිබද අවබෝධයකින් යුතුව ශ්‍රී ලාංකිකයින් ෆේස්බුක් තුල ඇති උද්යෝගයන් අනුව ශ්‍රී ලංකික සමාජයේ සැබෑ trends ගැන සධාරණ අවබෝධයක් ලබා ගත හැක. ෆේස්බුක් මත විමසුමකදී ලැබෙන ප්‍රතිපලය ප්‍රතිශත වශයෙන් නොවුනත් සමාජයේ trends පිළිබද නිවැරදි දසුනක් ලබා දෙයි.
ඒ අනුව එළබෙන මැතිවරණයේදී මහින්ද අනුගාමිකයින් දැඩි උනන්දුවකින් ජන්දය ප්‍රකාශ කරනු ඇත. ජන්දයක් ජයග්‍රහණය සදහා ඒය තිරණාත්මක සාධයක්. කෙතරම් අනුගකිමයින් සිටියත් වැඩක් නෑ ඔහුන් ජන්දය ප්‍රකාශය නොකරන්නේ නම්. සමහර බටහිට රටවල් වලට මෙන්ම බටහිරට නැඹුරු එක්සත් ජාතික පක්ෂයට තම පාක්ෂිකයා ජන්ද පොලට ගෙනයාමට දැඩි ප්‍රයත්නයක් දැරීමට සිදුවන්නේ ජනවාරි 8 ක්‍රියාකාරී වූ එක්සත් ජාතික පාක්ෂිකයින් මේ වන විට කළකිරීමෙන් පසු වන නිසාය. 
ජනවාරි 8 යහපාලනයක් වෙනුවෙන් ජන්දය භාවිතා කල තරුණ කොටස් වැඩි වැඩි වශයෙන් ජනතා විමුක්ති පෙරමුණට ජන්දය ප්‍රකාශ කරනු දකින්න ලැබෙනු ඇත. ජාතික දේශපාලනයට බලපෑමක් නොකරන ජන්දයක් හැටියට ජනතාව තම ජන්ද බලය අත්හදාබැලීම්ට ලක්කරන ජන්දයක් බවට මෙය පත්වනු ඇත. ජනවාරි 8 මහින්ද වාදීන් වුනත් මහින්ද කෙරෙහි කලකිරීම නිසා ජන්දය ප්‍රකාශ නොකළ ජනතාව මෙදා පොහොට්ටුවට ජන්දය ප්‍රකාශ කරනු ඇත.
20 වෙනි සංශෝධනය නිසා ජන්ද ක්‍රමයේ ඇතිවූ වෙනස් කම් නිසා විශේෂයෙන්ම මානාප ක්‍රමය අහෝසි වීම නිසා එහි බලපෑම කිනම් අයුරකින් ජන්ද ප්‍රතිපලයට බලපායිද යන්න ප්‍රකාශ කරීම දැනට අපහසු කාර්යයකි. ජන්දයට අසන්න වශයෙන් සති හතරක කාලයක් ඇත. මෙම මත විමසුමේ ප්‍රතිපලය ආණ්ඩුවට රතු එළියක් පෙන්වා ඇත. පොදුජන පෙරමුණ සත්‍ය වශයෙන්ම මෙම ජන්දයේ මේ වන විට ඉදිරියෙන් සිටි.
ෆේස්බුක් තුල ශ්‍රී ලංකිකයන්ගේ ව්‍යාප්තිය.
තවද දේශපාලන පක්ෂ වල සමාජ ජාල මෙහෙයුම් වලින් පක්ෂයේ ශක්තියට සාපේක්ෂව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියෙන සිටි. ජනවාරි 8 ප්‍රබල සමාජ ජාල ක්‍රියාකාරිත්වයක් තිබු එක්සත් ජාතික පක්ෂය අද දැඩි සේ දුර්වල වී ඇත. පොදුජන් පෙරමුණ නැතහොත් මහින්දවාදීන් ගේ සමාජ ජාල මෙහෙයුම වඩාත්ම සංවිධානත්කම සමාජ ජාල මෙහෙයුමයි.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ ලබා ගන්නා ජන්ද ප්‍රමාණය ලක්ෂ 35- 45ක් අතර ප්‍රමානයක් වනු ඇත. නුමුත් බොහෝදුරට ප්‍රතිශතයක් වශයෙන් ඔහුන් ජන්ද ප්‍රතිපලයේ ඉදිරියෙන් සිටීමට හැක. ජනතා විමුක්ති පෙරමුණ ලබා ගන්නා ජන්ද ප්‍රමාණයේ වැඩිවීමක් දැක ගැනීමට හැකිවනු ඇත. එක්සත් ජාතික පක්ෂය ඉතිරි මාසය තුල තම ජන්ද ව්‍යාපාරයේ වෙනසක් නොකළහොත් සහ සිය සමාජිකයින් ජන්දය දැමීමට උද්යෝගිමත් නොකළ හොත් ඔහුන් ගම නොදිනනු ඇත. 
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලක්ෂ 10 -20 අතරේ ජන්ද ප්‍රමාණයක් ගන්නා අතර එය 10 ට අසන්න වෙන්නේ ද 20 ට අසන්න වෙන්නේද යන්න තීරණය වනුවේ බැදුම්කර කොමිසමේ වාර්තාව ජනගත වීමෙන් පසු සහ ජනාධිපති වරයා ගනු ලබන තීන්දු තීරණ අනුවය. ඔළුගෙඩි මැරූ සහ මාධ්‍ය මෙහෙයුම් ජන්ද ප්‍රතිපලයේ අවසාන ප්‍රතිපලය කෙරෙහි බලපෑම අඩුය. කෙසේ වෙතත් කිසිම පක්ෂයක් සමස්ත ජන්ද ප්‍රතිපලයෙන් 50% අත් කර ගැනීමට අසමත් වනු ඇත.
මත විමසුම සදහා මෙතෙක් ප්‍රතිචාර.



No comments:

Powered by Blogger.