Breaking

රටින් පිට වූයේ රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක් නිසාද.. ගෝටාභයගෙන් අන්තර්ජාලය ඔස්සේ විශේෂ ප‍්‍රකාශයක්..[Video]

අද වන විට අර්බුදයන්ට රට පත්ව ඇත්තේ ස්වභාවික විපත් නිසා නොවන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා පවසයි.

ඊට හේතුව වී ඇත්තේ පාලකයන්ගේ වැරදි ආකල්ප, වැරදි මතවාද, වැරදි දර්ශණවාදයන්, වැරදි ප‍්‍රතිපත්ති බව පවසන ඔහු වත්මන් රජය අනුගමනය කරන්නේ අසාර්ක බටහිර මතවාදයක් යයිද සදහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ ‘මව්බිම වෙනුවෙන් සියනෑවේ වෘත්තිකයෝ’ සංවිධානය විසින් සංවිධානය කල සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සජීවීව සම්බන්ධ වෙමිනි. හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මේ වන විට විදෙස්ගතව සිටින අතර ඔහු සිරගත කරවීම සදහා රාජපක්‍ෂ පවුල ඇතුලෙන්ම කුමන්ත‍්‍රණයක් තිබූ බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප‍්‍රිය මහතා චෝදනා කලේය.

කෙසේ වෙතත් එම ප‍්‍රකාශයට අභියෝගයට පත් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරන්නේ ඒ පිලිබදව තමන් පොලිස් අපරාධ විමර්ශෂ කොට්ඨාශයට පැමිණිලි කරන බවයි.

No comments:

Powered by Blogger.