Breaking

ජනපතිගේ කාලය 06 වුනොත් භාරකාර ආණ්ඩුවක් !

ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අද දිනය තුලදී ජනාධිපතිවරයා වෙත ලැබීමට නියමිත අතර ඉන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර හයක් ලෙස තීන්දුකර තිබුණහොත් පළාත් පාලන මැතිවරණයෙන් පසු පරිවාස ආණ්ඩුවකට යාමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

පවතින දේශපාලන අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා භාරකාර ආණ්ඩුවක් ස්ථාපිත කලයුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන කටයුතු සම්බන්ධිකාරක නීතිඥ ශ්‍රිරාල් ලක්තිලක මහතා සති අන්ත ජාතික පුවත්පතකට ද ප්‍රකාශ කර තිබේ.

රට මුහුණදී සිටින සියලු අර්බුදවලට අලුත් මුහුණුවරකින් මුහුණදීම සඳහා වසර දෙකකට වත් ජනාධිපතිවරයා යටතේ භාරකාර ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ශ්‍රිරාල් ලක්තිලක මහතාගේ ස්ථාවරය වී ඇත. හවුල් ආණ්ඩුවක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර වූ අවබෝධතා ගිවිසුම පසුගිය දෙසැම්බර් 31 වනදායින් කල් ඉකුත් වී ඇත.

සාගලගේ පොලීසිය ජනාධිපති යටතට !

මේ අතර 'ලංකා සී නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ, පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළත් පාලන මැතිවරණයෙන් පසු කැබිනට් සංශෝධනයක් සිදු වීමට නියමිත බවයි. බැඳුම්කර කොමිසමේ අවසන් වාර්තාව මෙම 17 වනදා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුතත්වයද අධ්‍යනය කරමින් මෙම කැබිනට් සංශෝධනය සිදු කරනු ඇතැයි එම පුවත් වාර්තාවේ සඳහන් වේ. මේ අතර දැනට එක්සත් ජාතික පක්‍ෂය විසින් පාලනය කරන නීතිය හා සාමය අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුව ජනාධිපතිවරයා තමන් යටතට පවරා ගනු ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.

No comments:

Powered by Blogger.