Breaking

ගීතා කුමාරසිංහ කෝට්ටේ නගරාධිපතිකමට ආණ්ඩුවෙන් යෝජනා කරයි..

ශ‍්‍රී ජයවර්ධනපුර කොට්ටේ මහ නගර සභාවේ නගරාධිපති ධුරය සදහා තමනට ආරාධනා කල බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය පවසයි.

ආණ්ඩු පාර්ශවයට එක් වන්නේ නම් සියළු වරප‍්‍රසාද ලබා දෙන්නේ යයිද තමනට පොරොන්දු වූ බව ඇය කියා සිටියේ ඇල්පිටියේදී පැවති ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවක් අමතමිනි.


තමන්ගේ මන්ත‍්‍රී ධුරය සම්බන්ධයෙන් අධිකරණයේ පැවති නඩුව කල් දමා දෙන්නටද ආණ්ඩුවට එක්වන්නේ නම් ඇමති ධුරයක් ලබා දෙන්නටත් ආන්ඩුව පාර්ශවයෙන් යෝජනා කල බවද ඇය කියා සිටියාය.

කෙසේ වෙතත් ඒ සියල්ලට පයින් ගසා ජනතාව සමග දේශපාලනය කරන්නට තමන් තිරණය කල බවත් තමන්ගේ ආත්ම ශක්තිය ගැන තමන් සතුටු වන බවත් ඇය එහිදී වැඩි දුරටත් කියා සිටියාය.

No comments:

Powered by Blogger.