Breaking

19 එජාපයට ඕනේ හින්දා ගෙනාපු එකක් නෙවෙයි - මුජිබර්

19 එජාපයට ඕනේ හින්දා ගෙනාපු එකක් නෙවෙයි - මුජිබර්

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පමණක් නොව සියලු පක්ෂවල සහයෝගය ලැබුණු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකදීයී.

එහිදී වැඩිදුරටත් අදහස් දක්විමන් ඒ මහතා මෙසේ පැවසීය.

"එක මන්ත්‍රීවරයෙක් ඇර 19 වන ආණ්ඩුක්‍රම සංශෝධනය 2015 දී පාර්ලිමේන්තුවේ හිටපු සියලු මන්ත්‍රීවරු සහයෝගය ලබාදුන්නා. මේක එජාපයට ඕනේ හින්දා ගෙනාපු එකක් නෙවෙයි. එතකොට විපක්ෂේ හිටපු මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම, ශ්‍රීලනිපය ඔක්කෝම එකතු වෙලා මේක පාර්ලිමේන්තුවේ සම්මත කළේ. ඇයි ආණ්ඩුව මාරු වුණු ගමන් මේක ආයේ වෙනස් කරන්න ඕනේ කියන්නේ? එදා මොකටද එහෙනම් සහයෝගය දුන්නේ? මම තාම හිතන්නේ නෑ මහින්ද රාජපක්ෂ මහතා මේකට ඉඩ දෙයි කියලා. මොකද මේකට ඉඩ දුන්නොත් එතුමාගේ බලය තමයි කප්පාදු වෙන්නේ. එජාපය විදිහට අපි කිසි විටකත් එකඟ වෙන්නේ නෑ 19 වන සංශෝධනය නැවත හරවන්න."

No comments:

Powered by Blogger.