කොරෝනා වෛරසයෙන් 41ක් මරුට - වසා දැමුණු වූහාන් නගරයේ ලාංකිකයින් පිරිසක්
කොරෝනා වෛරසයෙන් වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ මේ වන විට ශ්රී ලාංකිකයින් 30 දෙනකු පමණ රැඳී සිටියි.
එහි සිටින ශ්රී ලාංකික විශ්වවිද්යාල සිසුන් නගරය වසාදැමීම හේතුවෙන් තමන් දුෂ්කරතාවට පත්ව ඇත.
මෙම රෝගී තත්ත්වයෙන් දැනට මරණ 41ක් සිදුව ඇති අතර, පළමු දකුණු ආසියානු රෝගියා නේපාලයෙන් අද වාර්තා වුණි.
මේ වන විට ලෝකයේම අවධානයට යොමු වි ඇති මාරාන්තික කොරෝනා වෛරසය ප්රථම වරට වාර්තා වන්නේ පසුගිය දෙසැම්බර් මස චීනයේ හුබෙයි ප්රාන්තයේ වුහාන් නගරයෙන්.
නගරයේ කරදිය මත්ස්ය වෙළඳපොලක් ආශ්රිතව මෙම රෝගින් වාර්තා වි තිබු අතර එහි කුකුලන්, වවුලන්, හාවන් සහ සර්පයන් වැනි සතුන් ද අලෙවි කෙරෙන බව වාර්තා වෙයි.
චීන සෞඛ්ය බලධාරීන් සැක කරන්නේ, වවුලන්ගේ මාංශවලින් සාදන සුප් සහ සර්ප මාංශ අනුභවය මෙම වෛරසය පැතිර යාමට හේතුවක් විය හැකි බවයි.
එමෙන්ම සාමාන්ය වෛරසයක් බෝවන ආකාරයෙන්ම මිනිසාගෙන් මිනිසාට මෙම කොරෝනා වෛරසය බෝ වන බවට තහවුරු කර ගෙන ඇත.
කොරෝනා වෛරස වැළඳුණු චීන ජාතිකයින් ඇඳ වැටෙන අයුරු මෙලෙස විදෙස් මාධ්ය වාර්තා කර තිබුණි.
කොරෝනා හේතුවෙන් දැනට චීනයේ පමණක් පුද්ගලයින් 41 දෙනෙකු මියගොස් ඇති අතර වෛරසයට ගොදුරු වි ඇති සංඛ්යාව 1200 කට අධිකයි.
මිය ගිය පිරිස අතර හුබෙයි ප්රාන්ත රෝහලක වෛද්යවරයෙකුද සිටින බව විදෙස් මාධ්ය වාර්තා කළේය.
කොරෝනා වෛරසය ප්රථම වරට වාර්තා වු චීනයේ හුබෙයි පළාතේ වූහාන් ඇතුළු නගර 18 ක් මේ වන සම්පූර්ණයෙන් වසා දමා ඇත.
මේ හේතුවෙන් වුහාන් නගරයේ විශ්වවිද්යාලවල ඉගෙනුම ලබන ශ්රි ලංකික සිසුන් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 30 දෙනෙකු පමණ දැඩි දුෂ්කරතාවට පත්ව ඇත.
ඔවුන් පවසන්නේ, නිරෝගීව පසුවන තමන්ට ආහාර ඇතුළු දෛනික අවශ්යතා සපුරාගැනීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුව ඇති බවයි.
මේ අතර චීනයේ බිජිං නුවර වත්මන් තත්ත්වය අද දෙරණ වෙනුවෙන් එහි සිටින චීන මාධ්ය සමූහයේ සිංහල අංශයේ වංහියුන් සුනිමලි තොරතුරු ගෙන ආවේය.
චීනයේ ශ්රි ලංකා තානාපති කාර්යාලයේ වාණිජ කටයුතු පිළිබඳ අමාත්ය ඇලෙක්සි ගුණසේකර මහතා කියා සිටියේ එරට සිටින කිසිඳු ශ්රි ලාංකිකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි නොමැති බවයි.
මේ අතර අමෙරිකාව, ප්රංශය , දකුණු කොරියාව , ජපානය , සිංගප්පුරුව , තායිලන්තය සහ ඔස්ට්රේලියාවෙන්ද කොරෝනා වෛරසය අසාදිත වු පුද්ගලයින් වාර්තා වි ඇත.
දකුණු ආසියානු රාජ්යයකින් පළමු කොරෝනා රෝගියා වාර්තා වන්නේ නේපාලයෙන්.
ඉන්දියාවේද කොරෝනා රෝගීන් සිටින බවට වාර්තා වුවත් මෙතෙක් එම තොරතුරු තහවුරු වී නැහැ.
No comments: