Breaking

‘මට ලැම්බෝගිනියක් දියල්ලා.. අම්මේ මං උපන් හැටියේ ඇයි කාණුවකට නොදැම්මේ’ කී මනුවර්ණ යහපාලනයට එරෙහි මාධ්‍ය හමුවක.. අමුතු කතාවක..

පසුගිය 2015 පැවති ජනාධිපතිවරණ සමයේදී ‘මට ලැම්බෝගිනියක් දියල්ලා. අම්මේ මං උපන් වෙලාවේ ඇයි කාණුවකට නොදැම්මේ’ යැයි ආන්දෝලනාත්මක මාධ්‍ය හමුවක් පැවැත් වූ රංගන ශිල්පී ජගත් මනුවර්ණ කොළඹදී ඊයේ මාධ්‍ය හමුවක් ඇමතීය.

ඔහු එහිදී කියා සිටියේ වත්මන් ආණ්ඩුවෙන් කලාව හා සංස්කෘතිය දිහා හැරිලාවත් නොබලන ලෙස ඉල්ලා සිටින බවයි. එය මේ ආණ්ඩුව විසින් කලාකරුවන්ට කරන්න ලොකුම උදව්ව බවද ඔහු සඳහන් කළේය.කලාකරුවන් හා ගත්කතුවරුන් පිරිසක් විසින් මෙම මාධ්‍ය හමුව පවත්වන ලද්දේ ‘බුදුන්ගේ රස්තියාදුව’ කෘතිය මා ‘නිර්වස්ත්‍ර පරමං සුඛං’ වැනි නාට්‍ය සම්බන්ධයෙන් ආණ්ඩුවෙන්ම එල්ලවෙන බාධාවලට විරෝධය පළ කිරීම සඳහා ය.

No comments:

Powered by Blogger.