Breaking

ශ‍්‍රීලනිපයේ යෝජනාව පාර්ලිමේන්තුවේදී 2/3ටත් වැඩි බහුතරයෙන් පරාජය වීමට නියමිතයි..

හෙට (24) දිනයේ දී ඡන්ද විමසීමට ගැනීමට නියමිතව ඇති පළාත් සභා සීමා නිර්ණ වාර්තාව පාර්ලිමේන්තුවේදී 2/3ද ඉක්මවු අති බහුතර ඡන්දයෙන් පරාජය වීමේ ලකුණු පෙනෙන්නට තිබේ.

මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් එම පනතට විරුද්ධව ඡන්දය ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ඇමැති රිෂාඩ් බදුර්දීන්ගේ පක්ෂය ආදී සුළු පක්ෂ ගණනාවක් මෙම පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ බව සඳහන් කර ඇත.

පාර්ලිමේන්තුවේ ආසන 106ක් එජාපය නියෝජනය කරන අතර ඒකාබද්ධ විපක්ෂයේ ආසන 70ක් නියෝජනය කරයි. දෙමළ ජාතික සන්ධානය ආසන 16කි. හකීම් හා බදියුදීන් ආසන 11ක් පමණ නියෝජනය කරයි. දැනට මෙම වාර්තාවට පක්ෂව දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩු පක්ෂ පාර්ශවය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණි. එම දෙපාර්ශවයන් නියෝජනය කරන්නේ මන්ත‍්‍රී ආසන 30කටත් අඩුවෙනි.

කෙසේ වෙතත් ඒකාබද්ද විපක්‍ෂය පවසන්නේ මේ ඇතිව තිබෙන තත්වය මත ඡුන්ද විමසීමක් සිදු නොකිරීමට ඉඩ ඇති බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වන තීරණාත්මක සාකච්චාවක් ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර පැවැත්වීමට නියමිතව ඇත.

No comments:

Powered by Blogger.