Breaking

ශ‍්‍රීලනිපය කැත පරාජයකට ලක්වුණා.. ජනපති හා ශ‍්‍රීලනිපය පරාදයි..- සුසිල්

පළාත් සබා සීමා නිර්ණ වාර්තාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විරුද්ද වූයේ ලැබීමට නියමිත වූ කැත පරාජයෙන් බේරීම සදහා යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂය විරුද්ද වීමත් සමග ලැබෙන්නේ ශ‍්‍රීලනිප 23ක් හා ජවිපෙ 06 සමග ඡන්ද 29ක් පමණක් බව පෙනී යාම නිසා ශ‍්‍රීලනිපයද ඊට විරුද්ද වූයේ යයි ඔහු සදහන් කරයි. මෙහ සත්‍ය වශයෙන්ම එක්සත් ජාතික පක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා ප‍්‍රධාන ශ‍්‍රීලනිපයේ මතය පරාජය කිරීමක් යයිද මන්ත‍්‍රීවරයා පෙන්වා දෙයි.

එනිසා දැන් කල යුත්තේ ඉතිරිව සිටින ශ‍්‍රීලනිප පිරිසද ආණ්ඩුවෙන් ඉවත් වීම යයිද ඔහු කියා සිටියේ ජන හමුවක් අමතමිනි.

No comments:

Powered by Blogger.